January 29, 2026

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

පසුගිය සමයේ විදෙස්ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවන් මෙරටට ගෙන ඒම සඳහා ඔහු කළ කාර්යය බොහෝ දෙනාගේ අවධානයට ලක්විය.

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස මෙන්ම ගණේමුල්ල සංජීව නමැති පාතාල නායකයා අලුත්කඩේ අධිකරණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ මෙහෙයුමේ ප්‍රධානියකු ලෙස කටයුතු කළ ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය නේපාලයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමට ද රොහාන් ඕලුගල කටයුතු කර තිබිණි.

රොහාන් ඕලුගලගේ නව පත්කිරීම සඳහා පොලිස්පතිවරයාගේ නිර්දේශය ජාතික පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කර ඇති අතර ඊට අද (29) අනුමැතිය ලැබෙනු ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.