
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාතලේ රිවස්ටන් කඳුමුදුණේ පිහිටුවා ඇති සන්නිවේදන කුලුණ සඳහා විදුලි උත්පාදන යන්ත්‍රයක් (ජෙනරේටරයක්) නොමැතිවීමෙන් නකල්ස් උතුරු හා ඊසාන දිග බෑවුමේ ගම්මානවල සියලු ආකාරයේ සන්නිවේදන කටයුතු බිඳවැටීමට ලක්ව ඇති බව ‘නකල්ස් සංචාරක කවයේ’ ලේකම් නදීර වීරසිංහ පවසයි.
ඉකුත් 16 වැනිදා රාත්‍රී රත්තොට සිට මෙම රිවස්ටර්න් සන්නිවේදන කුලුණ ඇතුළු ලග්ගල උඩසියපත්තුවේ, ලග්ගල සහ අඹන්ගඟ කෝරළය දක්වා විදුලිය රැගෙන යන අධිබල රැහැන් පද්ධතිය මතට ගස් කඩාවැටීම නිසා විදුලි රැහැන් පද්ධතිය විසන්ධිවීමෙන් මෙසේ රිවස්ටරන් කුලුණ අක්‍රීය වී ඇත.
ශ්‍රී ලංකා ටෙලිකොටම් ආයතනය මගින් පාලනය කෙරෙන මෙම විකාශන කුලුණේ සියලුම ජංගම දුරකථන සමාගම් හි සංඥා විකාශන උපකරණ ද පිහිටුවා ඇති නමුත්, විදුලිබල සැපයුම සඳහා විදුලි උත්පාදන යන්ත්‍රයක් නොමැතිකම නිසා මෙසේ ඉහත ගම්මානවල සන්නිවේදන කටයුතු බිඳවැටී ඇත.
ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා මෙසේ ආපදා තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර, විටින් විට මෙම ප්‍රදේශයට සිදුවන මෙවැනි ආපදා හේතුවෙන් සන්නිවේදන කටයුතු අවහිර නොවන්නට නම් රිවස්ටන් සන්නිවේදන මධ්‍යස්ථානය සඳහා විදුලිජනන යන්ත්‍රයක (ජෙනරේටර්) අතිරේක සේවය ලබාදීමට කටයුතු කරන ලෙස නකල්ස් සංචාරක කවය සහ ගම්වාසීහු ඉල්ලා සිටිති.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart