
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සන්නද්ධ කණ්ඩායම් විසින් එල්ල කරන ප්‍රහාර ඉහළ යාම, පාකිස්තානයේ සිටින චීන ජාතිකයින් එහි සිටීම නැවත සලකා බැලීමට හේතු වී තිබේ.
පකිස්තානයේ සිටින ඇතැම් චීන වැසියන් රට අතහැර යාමට සූදානම් වන බව ද වාර්තා වෙයි.
පකිස්තානයේ බිෂාම් හි ඉකුත් දා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස පකිස්තානයේ ක්‍රියාත්මක චීන ව්‍යාපෘති කිහිපයක ඉදිකිරීම් අත්හිටුවා ඇතැයි ද සඳහන්.
එමෙන්ම චීන ඉංජිනේරුවන් 991 දෙනෙකු පමණ රට හැර යාමට සූදානමින් සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
බලෝකිස්තාන ප්‍රධාන අමාත්‍ය සර්ෆරාස් බුග්ටි පැවසුවේ චීන ජාතිකයින් 982 දෙනෙකු දැනට බලෝකිස්තානය තුළ විවිධ චීන ව්‍යාපෘති හතක පෞද්ගලික අංශයන් සමඟ සම්බන්ධ වී සිටින බවයි.
එම චීන ජාතිකයින් ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක නිලධාරීන් 5,690 ක් පමණ අනුයුක්ත කර ඇතැයි ද බව ඔහු සඳහන් කර ඇත.
ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින අවදානම හමුවේ පකිස්තානය තුළ සිටි චීන ගුරුවරුන් 40 දෙනෙකු පමණ මේවනවිටත් රටින් පිටව ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart