
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අල්ලස් නඩුවක ප්‍රධාන විමර්ශනයකට අදාළ CCTV දර්ශන මකාදමා ඇති බව අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී හෙළිකළේය.
ජාතික ප්‍රවාහන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත ඊයේ (05) දින පාර්ලිමේන්තුවේ දෙවන වර කියවීමේදී ඔහු මෙම ප්‍රකාශ සිදුකළේය.
රුපියල් මිලියන 4 ක් අල්ලස් වශයෙන් ඉල්ලීමේ චෝදනා මත පසුගියදා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් කිහිපදෙනකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.
සැකකරුවන් අතරට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකුද වන බව අල්ලස් හෝ දුෂණ චෝදන විමර්ශන කොමිසම ප්‍රකාශ කළේය.
අත්අඩංගුවට ගැනීමට පෙර දින අලුයම 2 සිට CCTV දර්ශන මකාදමා ඇති අතර, එලෙස සිදුකර ඇත්තේ, සාක්ෂි වසන් කිරීමට බවද ඇමතිවරයා සඳහන් කළේය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන් දැන් කැරලි ගැසීමට පටන් ගෙන ඇති බවත්, රජය කිසිදු පීඩනයකට යටත් නොවන බවට සහතික වන බවත්, අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart