
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යම් තැනැත්තකු රිමාන්ඩ් භාරයේ සිටින කාලය සහ අභියාචනය විභාග කිරීම සඳහා ගතවන කාලය එම තැනැත්තාගේ සම්පූර්ණ සිර දඬුවමෙන් අඩු කිරීමට හැකිවන නීති හඳුන්වා දීමට රජය සූදානම් වේ.
අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ පවසන්නේ දණ්ඩ නීති සංග්‍රහයට ගෙන එන සංශෝධනයක් පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීමෙන් පසු එය ක්‍රියාවට නැංවෙනු ඇති බවයි.
ඇතැම් සිරකරුවන් රිමාන්ඩ් භාරයේ සහ අභියාචනා කාලය තුළ ඔවුන්ට පනවා ඇති සිර දඬුවමට සාපේක්ෂව වැඩි කාලයක් ගත කිරීම හේතුවෙන් මෙම සංශෝධනය ඉදිරිපත් කරන බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ පවසයි.
ලබාදිය යුතු සහන කාලය මහාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් තීරණය කරනු ඇතැයි ඔහු පැවසීය.
කෙසේවෙතත්, මත්ද්‍රව්‍ය වැරදි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් දඬුවම් නියම වූවන්ට සහනයක් හිමි නොවන බවද ඇමැතිවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart