
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඩොනෙට්ස්ක් කලාපයේ චාසිව් යාර් ප්‍රදේශයේදී ශ්‍රී ලංකාවෙන් පැමිණි කුලී හේවායන් අල්ලා ගැනීමට යුක්රේන සන්නද්ධ හමුදා සමත් වූ බව යුක්රේන ජනමාධ්‍ය වාර්තා කරයි.
ඩොනෙට්ස්ක් කලාපයේ චැසිව් යාර් ප්‍රදේශයේදී ශ්‍රී ලංකාවෙන් පැමිණි කුලී හේවායන් අල්ලා ගැනීමට යුක්රේන සන්නද්ධ හමුදාව සමත් වූ බව Khortytsia හමුදා මෙහෙයුම්-මූලෝපායික කණ්ඩායමේ ප්‍රකාශක ලුතිනන් කර්නල් Nazar Voloshyn ප්‍රකාශ කර ඇත.
යුක්රේන ජනමාධ්‍ය වාර්තාව සඳහන් කර ඇත්තේ, යුක්රේනයට එරෙහි යුද්ධයේදී රුසියානු හමුදාවට යුධ පිටියේදී සිදුවන සැලකිය යුතු පාඩු හේතුවෙන්, පිරිස් හිඟයකට මුහුණ පා සිටින බවයි.
එබැවින්, ක්‍රෙම්ලිනය සිය හමුදාවන් ශක්තිමත් කිරීම සඳහා වෙනත් රටවලින් කුලී හේවායන් බඳවා ගනිමින් සිටී.
රුසියාවට අනුයුක්ත කිරීමෙන් පසු අතුරුදන් වූ හිටපු ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් වාර්තා මතුව තිබේ.
මේ අතර, මිනිස් ජාවාරම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ නියෝජිත පිරිසක් රුසියාවට යෑමට සූදානම් බව විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart