
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පළාත් පාලන ආයතන සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයන් 700කට ආසන්න පිරිසක් ආර්ථික ගැටලු හේතුවෙන් විදේශගතව ඇතැයි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල ආරංචි මාර්ගවලින් පැවසේ.
එසේම නාමයෝජනා දුන් අපේක්ෂකයන් 20කට ආසන්න පිරිසක් මියගොස් ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට අමතරව අපේක්ෂකයන් පන්සියයකට ආසන්න පිරිසක් විවිධ හේතු මත පසුකාලීනව පක්ෂ මාරුකර ඇති බව මැතිවරණ නිලධාරීන්ට තොරතුරු දැන ගන්නට ලැබී ඇත.
මේ සම්බන්ධයෙන් ලංකාදීපය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායකගෙන් කළ විමසුමකදී ඔහු පවසා ඇත්තේ, පළාත් පාලන ආයතන සඳහා නාමයෝජනා දුන් පුද්ගලයන් පිළිබඳ විස්තර සොයාබැලීමට ඉදිරි කාලයේදී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවයි.
පළාත් පාලන ඇතිවරණයට අදාළව නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් පසු අපේක්ෂකයන් සම්බන්ධයෙන් එසේ පුළුල් සොයාබැලීමක් කරන බවද ඔහු සඳහන් කර ඇත.
ඒ සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ ඒ ඒ දේශපාලන පක්ෂවල සහාය ලබාගැනීමට මැතිවරණ කොමිෂන් සභාව බලාපොරොත්තු වෙයි.
මේ කරුණු කාරණා හේතුවෙන් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ප්‍රායෝගික ගැටලු රැසක් මතුව ඇතැයි මැතිවරණ නිලධාරීහු පෙන්වාදෙති.
පළාත් පාලන ආයතන සඳහා අපේක්ෂකයන් 8,711ක් තෝරා ගැනීම වෙනුවෙන් පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී නාමයෝජනා කැඳවනු ලැබූ අතර, ඒ සඳහා අපේක්ෂකයෝ 80,672 දෙනෙක් ඉදිරිපත්වී සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart