
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහ බැංකුවේ නිර්දේශය මත විදේශ ප්‍රේෂණ සඳහා පනවා තිබූ ඇතැම් සීමාවන් ලබන වසරේ ජුනි මාසය දක්වා මාස හයක කාලයක් සඳහා තවදුරටත් ලිහිල් කිරීමට රජය තීරණය කර ඇත.
“දැනට ක්‍රියාත්මක කරන ලද නියෝග යටතේ පනවා ඇති ඇතැම් අත්හිටුවීම්/සීමාවන් තවදුරටත් සංශෝධනය කරමින් 2025 ජූනි මස දක්වා බලපැවැත්වෙන පරිදි නව නියෝග නිකුත් කිරීම සුදුසු බව ශ්‍රී ලංකා මහ බැංකුව යෝජනා කර ඇත” යනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වැනි වගන්තිය යටතේ 2024-12-20 දින සිට මාස හයක (6) කාලයක් සඳහා නියෝග නිකුත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමැතිවරයා වශයෙන් ඇමැති මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා සිටියේය.
කෙසේවෙතත්, මෙම සංශෝධන පිළිබඳ තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සඳහන් කර නොමැත.
දැනට ක්‍රියාත්මක වන නියෝගයේ වලංගු කාලය ඊයේ අවසන් වීමට නියමිතව තිබිණි.
මහ බැංකුව විසින් මේ සම්බන්ධයෙන් 2023 ජූලි මාසයේ සිට ක්‍රමානුකූලව විධාන 10ක් නිකුත් කර ඇත.
රට තුළ විදේශ විනිමය වෙළෙඳපොළේ ප්‍රගතිය සහ අනාගත අපේක්ෂාවන් සැළකිල්ලට ගනිමින් ඇතැම් අත්හිටුවීම්/සීමා ඉවත් කිරීම / ලිහිල් කිරීම සිදු කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය මේ වසරේ නොවැම්බර් මාසයේදී අමෙරිකානු ඩොලර් බිලියන 6.4ක් වූ පසුබිමකය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart