
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මුලතිව් මහේස්ත්රාත් ටී.සරවනරාජාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය සහතික කිරීම සඳහා පූර්ණ විමර්ශනයක අවශ්‍යතාව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ නීති උපදේශක කණ්ඩායමක් වන නීතිඥ සාමූහිකය අවධාරණය කර ඇත.
මුලතිව් මහේස්ත්රාත් ටී.සරවනරාජාට ජීවිත තර්ජන ඇති බවට චෝදනා කරමින් ඉල්ලා අස්වීමේ වාර්තාව සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළකරන බව නිවේදනයක් නිකුත් කරමින් නීතීඥ සාමූහිකය ප්‍රකාශ කරයි.
“අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සම්බන්ධ කාරණා සඳහා එහි ඇති බරපතල ඇඟවුම් සැලකිල්ලට ගෙන, ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය සහතික කිරීම සඳහා වන ක්‍රියාමාර්ග සමඟ මෙම කාරණය සම්පූර්ණයෙන් විමර්ශනය කිරීම අත්‍යවශ්‍ය වේ. විනිවිදභාවය ප්‍රධාන බව අපි විශ්වාස කරමු. එසේම එම පරීක්ෂණයේ ප්‍රතිඵල සහ ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රමාදයකින් තොරව මහජනතාව දැනුවත් කළ යුතුය” යැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
නීතිඥ සාමූහිකය වෙනුවෙන් රියන්සි අර්සෙකුලරත්න, උපුල් ජයසූරිය, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජෙෆ්රි අලගරත්නම්, ඩිනාල් පිලිප්ස්, දුලින්ද්‍ර වීරසූරිය, අනුර මැද්දේගොඩ, සාලිය පීරිස්, එස්.ටී. ජයනාග, නීතීඥ උපුල් කුමාරප්පෙරුම සහ නීතිඥ එම්.කේ.ඩබ්ලිව්. ජනරංජන එම නිවේදනයට අත්සන් තබා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart