
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික මහෝත්සවය මේ දිනවල ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වෙන අතර, දැඩි හිරු රශ්මිය නොතකා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙන්ම විදේශයන්ගෙන් ද දහස් සංඛ්‍යාත බැතිමතුන් යාපනය වෙත ඇදී එමින් සිටිනවා.
එහෙත් මෙවර උත්සව සමයේ උතුරට යන බැතිමතුන් මුහුණදෙන ලොකුම ගැටලුව බවට පත්ව ඇත්තේ ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම්, විශේෂයෙන්ම දුම්රිය පහසුකම් නොමැතිකමයි. නල්ලූර් උත්සවය වෙනුවෙන් උතුරට අමතර දුම්රිය සහ බස් රථ යොදවන බවට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක පසුගිය මාසයේදී පොරොන්දුවක් ලබාදුන්නා.
කෙසේවෙතත් දෙපාර්තමේන්තුව අමතර දුම්රිය යොදවා නොමැති නිසාත්, කොළඹ සහ යාපනය අතර දෛනික සීඝ්‍රගාමී දුම්රිය ධාවනය සතියකට දින හතරකට සීමාකර ඇති නිසාත් බැතිමතුන්ට සිදුව ඇත්තේ අධික ලෙස සෙනඟ පිරුණු දුම්රියවල දැඩි දුෂ්කරතා මැද ගමන් කිරීමටයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙකු පැවසුවේ, “A/C පුද්ගලික බස්වල ටිකට් සති ගණනකට කලින්ම ඉවරයි. ඒගොල්ලෝ මේ දවස්වල හොඳටම හොයනවා. උත්සව කාලෙටවත් අමතර කෝච්චි ටිකක් දාන්න බැරි ඇයි?” යනුවෙනි. ඔහුට කොළඹ සිට වවුනියාව දක්වාම තෙවැනි පන්තියේ පෙට්ටියක සිටගෙන ගමන් කිරීමට සිදුවී ඇති අතර, පසුව වෙනත් බැතිමතුන් පිරිසක් ඉඩ ලබාදීම නිසා එකම බංකුවේ පස්දෙනෙකු සමඟ වාඩි වී යාපනයට පැමිණීමට සිදුවූ බවයි ඔහු වැඩිදුරටත් අසීරුවෙන් ප්‍රකාශ කළේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart