
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රතිසංස්කරණය කරන ලද මාතලේ නන්දිමිත්‍ර ඒකනායක අන්තර්ජාතික කෘත්‍රිම හොකී ක්‍රීඩාංගණය ඊයේ (දෙසැම්බර් 5) ජනතා අයිතියට පත්කෙරිණි.
මෙම ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රුපියල් මිලියන 110ක මුදලක් සහ ආසියානු හොකී සම්මේලනය හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 50ක දායකත්වයක් ලබාදී ඇත.
ක්‍රීඩාංගණය දැන් නවීන කෘත්‍රිම හොකී තණතිල්ලකින් සමන්විත වන අතර එය අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව සකස්කර තිබේ.
සම්ප්‍රදායෙන් මිඳී විවෘත කිරීමේ සමාරම්භක උත්සවය විශේෂ ආරාධිතයන් හෝ දේශපාලන ප්‍රධානීන් නොමැතිව පැවැත්විණි.
ඒ වෙනුවට, ක්‍රීඩාංගණය මහජනතාවට පැවරීම සංකේතවත් කරමින්, සමස්ත ලංකා වයස අවුරුදු 16න් පහළ බාලක සහ බාලිකා පාසල් හොකී තරගාවලියක් ආරම්භ කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart