
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදේශගත ශ්‍රමිකයන් මාර්තු මාසයේදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 572.4ක මුදලක් මෙරටට එවා ඇති අතර, කම්කරු සහ විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර ඇමැති ධූරය ලබාගැනීමෙන් පසුව විදේශගත ශ්‍රමිකයින් එවූ ප්‍රේශණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවා තිබෙන බව එම අමාත්‍යංශය පවසයි.
විදේශගත ශ්‍රමිකයන් මේ වසරේ මුල් මාස තුන තුළදී පමණක් ඩොලර් බිලියන 1.53 ක මෙරටට එවා තිබේ. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 8.7 ක ඉහළ යෑමකි.
ඇමැතිවරයා, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශයේ වැඩ භාරගත් 2022 වසරේ මැයි මාසයේ සිට මේ දක්වා විදේශගත ශ්‍රමිකයින් ඇමරිකානු ඩොලර් මිලියන 10,263.8 ක මුදලක් මෙරටට එවා තිබේ.
ඩොලර් බිලියන 10.26 ක් වන එම විදේශ ප්‍රේෂණ නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට ගෙන්වා ගැනීම සදහා විදේශ ගත ශ්‍රමිකයින් වෙනුවෙන් දිරි දීම් රැසක් ක්‍රියාත්මක කර ඇත.
නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවන ශ්‍රමිකයන්ට ඉලෙට්‍රික් වාහන ආනයන බලපත්‍ර ලබාදීම, මනුසවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය හදුන්වාදීම, බහු කාර්ය ණය යෝජනා ක්‍රමයක් හදුන්වාදීම, හෝප් ගේට් නමින් ගුවන්තොටුපොලේ විදේශගත ශ්‍රමිකයන් සදහා වන විශේෂ ද්වාරයක් හදුන්වාදීම වැනි පියවර ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart