
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රැකියා සඳහා විදේශගත වීමට නිවාඩු ලබා සිටින රාජ්‍ය අංශයේ සේවකයන්, විධිමත් ක්‍රම මගින් ශ්‍රී ලංකාවට මුදල් ආපසු එවීමට අපොහොසත් වුවහොත් ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභ අහිමිවනු ඇති බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
භාණ්ඩාගාර ලේකම්වරයා විසින් යොමුකර ඇති චක්‍රලේඛයකයට අනුව විධිමත් ක්‍රම මගින් මුදල් ප්‍රේෂණය නොකිරීමට අමතරව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයේ වෙනත් වගන්ති උල්ලංඝණය කිරීම හේතුවෙන්ද ඔවුන්ට ප්‍රතිලාභ අහිමි වනු ඇත.
මීට පෙර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිවේදනය කළේ, මෙලෙස නිවාඩු ලබාගනිමින් විදේශගත වන රාජ්‍ය අංශයේ සේවකයන්ගේ ජ්‍යෙෂ්ඨත්වය සඳහා නිවාඩු කාලය නොසළකන බවත්, ඔවුන්ගේ තනතුර නිවාඩු කාලය ආරම්භ කළ දිනයට සමාන බවත්ය.
මුලදී එලෙස ජ්‍යෙෂ්ඨත්වයට බලපෑමක් නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළ නමුත්, මේ මස මුලදී එම සහනය ඉවත් කර ගන්නා ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart