
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 අන්තර්ජාතික පන්දුවාර 20 ලෝක කුසලානය සදහා අප්‍රිකානු කලාපයේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේදි ටෙස්ට් වරම් හිමි සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 05 පරාජයට පත්කිරීමට උගන්ඩාව සමත්විය.
එම තරගය ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම සදහා වු තීරණාත්මක වු අතර එම ජයග්‍රහණය හේතුවෙන් උගන්ඩාව ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන තැනට පැමිණියේ සිම්බාබ්වේ කණ්ඩායම හතරවන තැනට ඇද දමමින්ය.
එහි පලමු සහ දෙවන ස්ථානයන්හි පසුවන්නේ නැමීබියාව සහ කෙන්යාවයි.
සිම්බාබ්වේ සහ උගන්ඩාව අතර තරගයෙන් පසු ඊයේ පැවති දෙවන තරගයේදි ටැන්සානියාවට එරෙහි තරගය නයිජිරියාව ජයග්‍රහණය කිරීම හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 5 වන තැනට පත්වුයේ පන්දුවාර 20 ලෝක කුසලාන බලාපොරොත්තු තරමක් ඈතට ඇද දමමිනි.
සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ලැබු මෙම ජයග්‍රහණය උගන්ඩාව විසින් ටෙස්ට් රටකට එරෙහි ලැබු පලමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලෙස සනිටුහන් විය.
තරගයේ පලමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 තුල කඩුලු 07ට ලකුණු 136ක් රැස්කළ අතර උගන්ඩාව පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 05ක් දැවි ලකුණු 138ක් ලබා ගනිමින් ඓතිහාසික ජය වාර්තා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart