
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් දේශපාලන පළිගැනීම් පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශ බලාත්මක කිරීම අවලංගු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කළේය.
ඒ අනුව ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ එහි හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු පිරිසකට අදාළ කොමිසම විසින් ඉදිරිපත් කර තිබූ නිර්දේශ බල රහිත කරමින්, ඊට අදාළව ගොනුකර ඇති පෙත්සම් සලකා බලා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කෙරිණි.
දේශපාලන පළිගැනීම් පිළිබඳ චෝදනා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිසම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කරන ලද අතර එය මෙහෙයවනු ලැබුවේ විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න විසිනි.
2015 සිට 2019 දක්වා සිදු වූ බව කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීම සඳහා 2020 ජනවාරි මාසයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම ත්‍රිපුද්ගල ජනාධිපති විමර්ශන කොමිසම පත් කරන ලදී.
විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිලක සහ විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන අයගෙන් කොමිසම සමන්විත විය.
අදාළ කාලසීමාව තුළ දේශපාලන වශයෙන් වින්දිත රාජ්‍ය නිලධාරීන්ගේ සිද්ධීන් පිළිබඳව ද කොමිසම විමර්ශනය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart