
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කඩුවෙල, වැලිවිට වැව මාර්ගයේ ඊයේ (16) සවස අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ බවට එල්ල වූ චෝදනා මත යතුරුපැදි 16ක් පොලිස් භාරයට ගෙන ඇත.
මෝටර් රථ මෙහෙයුම් රාජකාරියේ නිරතව සිටි කඩුවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මෙම තරුණයන් යතුරුපැදි වේගයෙන් ධාවනය කර ඇති අතර, ඇතැමුන් යතුරුපැදිය තනි රෝදයකින් පැදගෙන ගොස් ඇති බවත්, හිස්වැසුම් නොමැතිව ධාවනය කර ඇති බවත්, සොයාගෙන ඇත.
මෙම පිරිස පොලිස් අණ නොතකා වේගයෙන් පළාගොස් ඇති අතර, පසුව නිලධාරීන් ඔවුන් පසුපස හඹාගොස් යතුරුපැදි 16 අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් වයස අවුරුදු 18ත් 26ත් අතර වයස්වල පසුවන වැල්ලම්පිටිය, මුල්ලේරියාව, අංගොඩ, මාලඹේ සහ කැලණිමුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.
එම පිරිසට හෙට (ජුලි 18) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කඩුවෙල පොලිසිය පරීක්ෂණ පවත්වනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart