
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දඟ පන්දු යවන යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ නවසීලන්තය බලා ගිය සංචිතයෙන් ඉවත් කිරීමට ගත් තීරණය ගැන ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
දිවයිනෙන් පිටත්ව යෑමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් නායක චරිත් අසලංක සඳහන් කළේ නවසීලන්තයේ තණතීරු තත්ත්වයට අනුගත වීමට අමතර වේගපන්දු යවන්නෙකුගේ අවශ්‍යතාවක් පැවති බවයි.
මෙම තේරීම පිටුපස ඇති කරුණු පැහැදිලි කරමින් අසලංක පැවසුවේ, “නවසීලන්තයේ තත්ත්වයන් සඳහා අමතර වේග පන්දු යවන්නකු ඇතුළත් කිරීමට අපට අවශ්‍ය වූ නිසා දුනිත්ව ඉවත් කළා. එය මට, තේරීම් කමිටුවට සහ පුහුණුකරුට ඉතා අමාරු තීරණයක්. සමහර විට නවසීලන්තයේ වැනි තණතීරුවල ක්‍රීඩා කරන විට එවැනි තීරණ ගන්න වෙනවා” යනුවෙනි.
අභියෝගාත්මක සංචාරයට පෙර කණ්ඩායමේ සූදානම සහ චිත්ත ධෛර්යය පිළිබඳව ද අසලංක අදහස් පළ කළේය.
“ක්‍රීඩකයෝ හොඳ මානසිකත්වයකින් ඉන්නවා. මෑත කාලීන T10 තරඟාවලියේදී ඔවුන් දැක්වූ දස්කම් ප්‍රශංසනීයයි. ක්‍රීඩකයන් ලකුණු අතර සිටිනවා. කඩුළු ගැනීමටත් දායක වුණා. මෙය කණ්ඩායමට හොඳ සූදානමක් වුණා,” යනුවෙන් ඔහු පැවසීය.
“නවසීලන්තය ශක්තිමත් කණ්ඩායමක්, විශේෂයෙන්ම මව්බිමේදී. ඔවුන් ඔවුන්ගේ සංචිතයේ විශාල වෙනස්කම් රාශියක් සිදු කර නැහැ. එය අතිරේක අභියෝගයක්. කෙසේවෙතත් අපගේ පළපුරුදු ක්‍රීඩකයන් නවක ක්‍රීඩකයන්ට මග පෙන්වීමට සහ කණ්ඩායම ශක්තිමත් කිරීමට උපකාරී වනු ඇතැයි අපට විශ්වාසයි” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
තරග තුනකින් සමන්විත T20 සහ එක්දින තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (20) රාත්‍රියේ නවසීලන්තය බලා පිටත්ව ගියේය.
T20 තරඟාවලිය 2024 දෙසැම්බර් 28 සහ 30 යන දිනවල සහ අවසන් තරඟය 2025 ජනවාරි 2 වැනි දින පැවැත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart