
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වෙඩි වැදීම හේතුවෙන් ඇවිදීමේ අපහසුතාවයෙන් පෙළෙන ‘අග්බෝ’ ඇතාට ප්‍රතිකාර කිරීම සඳහා විදේශීය වෛද්‍ය කණ්ඩායමක සහයෝගය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර පවසයි.
ඇතාට ප්‍රතිකාර කරනු ලබන වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත විදේශීය විශේෂඥ පශු වෛද්‍යවරුන් කණ්ඩායමක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා අනුමැතිය ලබාදී තිබේ.
‘අග්බෝ’ ඇතා මේ වනවිට ක්‍රමයෙන් සුව අතට හැරෙමින් සිටින බව ද වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
අනුරාධපුර, තිරප්පනේ ප්‍රදේශයේ නිතර සැරිසැරූ ‘අග්බෝ’ නමැති දළ ඇතාගේ ඉදිරි පාදයකට බඳින තුවක්කුවකින් වෙඩි වැදී තිබූ අතර, මාස කිහිපයක සිට වනජීවි නිලධාරින් විසින් අඛණ්ඩව ඇතාට ප්‍රතිකාර කටයුතු කරමින් පවතී.
(අරුණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart