August 24, 2026

පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලාංකිකයන් 300,000කට ආසන්න පිරිසක් විදේශගත වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ඒ පිළිබඳ අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ එමඟින් නව ගැටලු රැසක් මතුවිය හැකි බවයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් අනාවරණය කළේ ආයෝජන මණ්ඩලයේ (BOI) සභාපති ධම්මික ප්‍රනාන්දු සහ එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

එමෙන්ම මන්ත්‍රීවරයා පැවසුවේ ශ්‍රමිකයන් විශාල වශයෙන් විදේශගත වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යයෙන්ම ලැබිය යුතු විදේශ ආයෝජන අහිමි වී යා හැකි බව ඔවුන් පෙන්වා දී ඇති බවයි.

විදේශ ආයෝජන නොමැතිව ශ්‍රී ලංකා ආර්ථිකයට ඉදිරියට යා නොහැකි බැවින්, රජය වහාම මෙම කරුණ කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සඳහන් කළේය.