
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අපනයන සම්බන්ධයෙන් දේශීය කර්මාන්තවලට එල්ල වී ඇති බාධා ඉවත් කිරීමටත්, ශ්‍රී ලංකාවේ අපනයන සඳහා අමෙරිකාව පනවා ඇති තීරු බදුවලින් ඇති වන බලපෑම් අවම කිරීමටත් පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක රජයෙන් ඉල්ලා සිටියේය.
අමෙරිකාව පනවා ඇති තීරුබදු සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ තීරුබදු ප්‍රතිශතය අඩු කිරීම ශ්‍රී ලංකාවට අවශ්‍ය සම්පූර්ණ විසඳුම නොවන බව සහ අමෙරිකාව සමඟ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වෙළඳ ගනුදෙනු ඇතුළු ජාත්‍යන්තර වෙළඳාමට සම්බන්ධ තවත් උපක්‍රම අනුගමනය කිරීමට රජය සොයා බැලිය යුතු බවයි.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාවට ලබා දිය හැකි දේ සඳහා වැඩි ඉල්ලුමක් ඇති කිරීමට ශ්‍රී ලංකාව උත්සාහ කළ යුතු බව සඳහන් කළ ඔහු, එහි ප්‍රතිලාභ දේශීය කර්මාන්ත මත තීරුබදු ඉහළ යාමේ ඍණාත්මක බලපෑම්වලට වඩා වැඩි වනු ඇති බව ද පැවසීය.
මෙරට භූගෝලීය පිහිටීම, විශ්ව විද්‍යාල, රෝහල්, වෙළඳපල ප්‍රවේශය, ද්‍රව ස්වභාවික ගෑස් සහ සංචාරක අංශය ඒ සඳහා භාවිතා කළ යුතු බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා පැවසුවේ ඔවුන්ට අවශ්‍යතාවයක් ඇති විට එම ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට සූදානම්ව සිටිය යුතු බව සහ වෙළඳපල ප්‍රවේශ විවිධාංගීකරණය ඉතා වැදගත් බවයි.
අනෙකුත් බාධාවන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ප්‍රායෝගික දැනුමක් නොමැති රාජ්‍ය නිලධාරීන් ජාත්‍යන්තර වෙළඳපොළට ප්‍රවේශ වීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයට අභියෝගයක් වන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart