
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක රට පුරා සංචාරය කරන විට හෙලිකොප්ටර් භාවිත කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ හිටපු ජාතික ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
“ඔහු උතුරට ගොඩබිමින් ගමන් කිරීමට අවම වශයෙන් පැය හතක් ගතකරනවා. ඒක වැදගත් තීරණ ගැනීමට වෙන්කළ හැකි වටිනා කාලය නාස්ති කිරීමක්. ජනාධිපතිවරයා හෙලිකොප්ටරයෙන් ගමන් කළහොත් වැදගත් තීරණ ගැනීමට වැඩි කාලයක් ලැබෙනවා” යැයි පාර්ලිමේන්තුවේ අයවැය දෙවැනිවර කියවීමේ විවාදයේදී මන්ත්‍රී කරුණානායකසඳහන් කළේය.
ජනාධිපතිවරයා සහ ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද අත්හැරීමට ගත් තීරණවලින් අපේක්ෂිත ප්‍රතිලාභ ලබාගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති බව ඔහු පෙන්වාදුන්නේය.
“කථානායකතුමාගේ නිල නිවස මගේ නිවසට යාබදව පිහිටා තිබෙනවා. එය මේ මොහොතේ වසාදමලා. නිල නිවස වසා දැමීමෙන් රටට භුක්ති විඳිය හැකි ප්‍රතිලාභය මොකද්ද? ඒවා වසාදැමීමෙන් මිලියන කිහිපයක් පමණක් ඉතිරි කර ගන්න පුළුවන්” ඔහු අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart