
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ දේශපාලන ගමනට සහාය පළ කිරීමේ අරමුණින් ලුතිනන් කර්නල් ඩබ්ලිව්. ඩබ්ලිව්. රත්නප්‍රිය බන්දු අද (1) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සමගි ජන බලවේගය හා එක්විය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඔහුව් දේශීය හා විදේශීයව ජාතික සමගිය, සාමය, සංහිඳියාව ඇතිකිරීමේ සමගි ජන බලවේග කමිටුවේ ප්‍රධානියා ලෙස පත්කර ඇත.
වසර 29ක යුද හමුදා සේවය කාලය තුළ ඔහු 2006-2009 කාලය තුළ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පුහුණු අධ්‍යයක්ෂවරයා ලෙස කටයුතු කර, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යූහගත කර ඔවුන් උතුරු නැගෙනහිර යුද්ධයෙන් පීඩාවට පත්වූ ප්‍රදේශවල කටයුතු කිරීමට යෙදවීම, යාපනය කිලිනොච්චි මුලතිව් ඒකාබද්ධ අණදෙන නිලධාරීවරයා ලෙස සහ මන්නාරම් දිස්ත්‍රික්කයේ අක්කර 600ක විශේෂ කජු ව්‍යාපෘතියේ අධීක්ෂණ ලෙස ද කටයුතු කර තිබේ.
එසේ ම ජාතික අවශ්‍යතාවකට අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ පුනරුත්ථාපනය වූ එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බඳවා ගෙන විවිධ ව්‍යාපෘති සඳහා යොදවා ගැනීම ද සිදු කරන ලද්දේ ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දුගේ මූලිකත්වයෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart