
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනප්රිය රැප් ගායක ශාන් පුතා නැමැත්තා 09mm වර්ගයේ ගිනි අවියක් සමඟ අද (14) අත්අඩංගුවට ගෙන තිබෙන බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
මීගොඩ, අරලිය උයන ප්රදේශයේදීයි ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට මෙම ගිනි අවිය ලබා දුන් බව කියන මන්නාරම පොලිස් කොට්ඨාසයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙක් සහ සැකකාර රැප් ගායකයාගේ කළමණාකරු බව කියන පුද්ගලයෙකු ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා මාතර, කොටවිල පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටි කාලයේ දී මෙම ගිනි අවිය සොරාගෙනවිත් මොහුට ලබා දී ඇත.
එම කොස්තාපල්වරයා මන්නාරම පොලිස් කොට්ඨාසයට ස්ථාන මාරුවක් ලැබ ගිය පසුව ගිනි අවිය පිළිබඳව තොරතුරු වාර්තා වී අතර ඒ අනුවයි මොවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.(අරුණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart