
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජයකට සමාජයක් වෙනුවෙන් නිසි ප්‍රතිලාභ ලබාදිය හැක්කේ සාර්ථක ව්‍යාපාරිකයන් නිසි ලෙස බදු ගෙවන්නේ නම් පමණක් බව හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අවධාරණය කරයි.
ඊයේ (1) පැවති උත්සවයකට එක්වෙමින් ඔහු පැහැදිලි කළේ බදු ආදායම් අයකර ගැනීමට නොහැකිවීම හේතුවෙන් පසුගිය රජය කාලය තුළ දැඩි අර්බුදයකට මුහුණ දුන් බවයි.
සුබසාධන කටයුතු සඳහා තම මුදල් යොදවන ව්‍යාපාරිකයන් ඇගයීමට ලක්විය යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
“සාර්ථක ව්‍යාපාරිකයන් සාධාරණ අයුරින් බදු කොටස දායක වූ විට පමණක් සමාජයට සැබවින්ම ප්‍රතිලාභ ලැබිය හැකියි. නමුත් මේ බදු අය කර ගැනීමට නොහැකි වීම නිසා අපි පසුගිය කාලයේ සැළකිව යුතු ඛේදවාචකයකට මුහුණ දුන්නා,” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
රටේ මූල්‍ය අර්බුදය ගැන සඳහන් කරමින් මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ, “අපේ භාණ්ඩාගාරය අවසන් වීමට ආසන්නව තිබූ බව කවුරුත් දන්නවා. එම කාලය තුළ දරුවන්ට පාසල් පොත්පත් හා නිල ඇඳුම් ලබාදීමට ජනාධිපතිවරයා දැඩි උත්සාහයක් ගත්තා. මේ කාරණය පාර්ලිමේන්තුවේදී මතු කළ විට ඒ ගැන අවධානය වෙනතකට යොමු කරමින් අවුල් සහගත තත්ත්වයක් ඇතිවුණා. මේ නිසා මුළු පාර්ලිමේන්තුවම ඉතාම නරක තත්ත්වයකට පත් වුණේ.”යනුවෙනි.
“එදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැඩි විනයක් ඇතිව කටයුතු නොකළා නම් මේ වසරේ දරුවන්ට මේ පොත්පත් නිල ඇඳුම් ලබා දෙන්න වෙන්නේ නැහැ. මෙවැනි තත්ත්වයක් තුළ දරුවන්ට පාසල් නිල ඇඳුම් සහ පොත්පත් ලබාදීමට රජය කටයුතු කරද්දී බියගම ප්‍රදේශයේ පෞද්ගලික ව්‍යාපාරිකයකු සමාජ අවශ්‍යතා වෙනුවෙන් තම පෞද්ගලික ධනය කැපකිරීම පිළිබඳ අප ප්‍රශංසා කළ යුතුයි.” යනුවෙන් ද ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart