
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ සූදු ක්‍රීඩා නියාමනය කිරීම සඳහා වෙනම අධිකාරියක් පිහිටුවීමට රජය තීරණය කර ඇත.
එමගින් සූදු ක්‍රීඩාවෙන් අපේක්ෂිත බදු ආදායම් නිසි පරිදි අයකරගැනීම, සූදු ක්‍රියාකාරකම් හා සම්බන්ධ අපරාධ ක්‍රියාවන් වැළැක්වීම, සූදු ක්‍රීඩාවන් මඟින් පුද්ගලයන්ට හා සමාජයට සිදු වන අයහපත් ප්‍රතිවිපාක අවම කිරීම වැනි කාර්යයන් සිදුකිරීමට නියමිතය.
ඒ අනුව සියලුම සූදු ක්‍රීඩා ක්‍රියාකරුවන්ට බලපාන පරිදි සූදු ක්‍රීඩා නියාමනය කිරීමේ අධිකාරිය නමින් නියාමන ආයතනයක් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙම සූදු ක්‍රීඩා නියාමනය කිරීමේ අධිකාරිය ස්ථාපිත කිරීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාව මෙලෙස කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart