
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනයේ මුල්ම බෞද්ධ සිද්ධස්ථානය ලෙස සැළකෙන හිනන් පළාතේ “සුදු තුරඟ” විහාරස්ථාන පරිශ්රයේ ශ්රී ලාංකේය පාරම්පරික ගෘහ නිර්මාණ ලක්ෂණ පිළිඹිඹු කෙරෙන විහාර මන්දිරයක් සහ ස්ථුපයක් ඉදි කිරීමේ කාර්යය කඩිනමින් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ පවසා ඇත.
“සුදු තුරඟ” විහාරස්ථානයේ විහාරාධිපති යින් ලී හිමියන් සහ ජනාධිපති රනිල් වික්රමසිංහ අතර බීජිං නුවරදී ඊයේ (19) පැවති සාකච්ඡාවේ දී මෙම තීරණයට එළැඹ තිබේ.
“සුදු තුරඟ” විහාර සංකීර්ණයේ ලාංකේය විහාර මන්දිරයේ ඉදිකිරීම් සංකල්පය රනිල් වික්රමසිංහ අගමැති ධූරය දරන සමයේ ක්රියාවට නැංවීම උදෙසා එවකට කථානායක කරු ජයසූරිය විසින් මුල් ගල් තබන ලදී.
එහෙත් පසුකාලීනව එහි වැඩකටයුතු ක්රියාත්මක නොවූ අතර, එම කටයුතු යළි ආරම්භ කරන ලෙසත්, විහාර මන්දිර සැලසුම් අලුතින් සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබාදී ඇත.
ෆාහියන් භික්ෂුව ලංකාවේ සිට චීනයට රැගෙන ආ බෞද්ධාගමික පාලි ග්රන්ථයන්හි පිටපත් මෙම විහාර මන්දිරයේ තැන්පත් කිරීම සඳහා ශ්රී ලංකාවෙන් ලබාදීමට ක්රියා කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart