
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ දිනවල ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ එරට ඉහළ පෙළේ දේශපාලකයන් දෙදෙනකු සමඟ සාකච්ඡා පවත්වා ඇත.
ඒ අනුව, බටහිර ඕස්ට්‍රේලියාවේ අගමැති රොජර් කුක් සහ විදේශ කටයුතු ඇමැති පෙනි වොන්ග් වෙන් වෙන් වශයෙන් පර්ත් නුවරදී ජනාධිපතිවරයා හමුව තිබේ.
පර්ත් නුවර පැවැත්වෙන හත්වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස ඕස්ට්‍රේලියාවට ගොස් ඇත.
පෙබරවාරි 9 සිට 10 දක්වා පැවැත්වෙන සමුළුවේ ප්‍රධාන දේශනය ජනාධිපතිවරයා පැවැත්වීමට නියමිතය.
සිය සංචාරයේදී ඔහු පර්ත් නුවරදී ශ්‍රී ලංකා ඩයස්පෝරාවේ සාමාජිකයන් සමඟ ද සාකච්ඡා පැවැත්වා ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය පවසන පරිදි, ආර්ථික නවීකරණය සඳහා සැලසුම් ගෙනහැර දක්වමින්, ශ්‍රී ලංකාවේ ප්‍රතිසාධන ප්‍රයත්නයන් පිළිබඳ යාවත්කාලීන කිරීම් ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලබයි.
ආර්ථික සංවර්ධනය සඳහා දේශගුණික විපර්යාස සහ සංචාරක ව්‍යාපාරය වැනි විවිධ අංශ සඳහා රජයට සහාය වීමට එරට වාසය කරන ශ්‍රී ලංකා ඩයස්පෝරාව සිය සූදානම ප්‍රකාශ කළ බව ද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart