
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ‘කියන තරම් කපටියෙක්’ නොවන බව පවසන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
ජනාධිපතිවරයා කුමන හෝ ආකාරයකින් ජනාධිපතිවරණය මඟහැරීමට උත්සාහ කළහොත් නියමිත නිල කාලය අවසන් වීමටත් පෙර ඔහුට ‘ගෙදර යෑමට සිදුවන බවද ඔහු ඊයේ ප්‍රකාශ කළේය.
කුරුණෑගල දිස්ත්‍රික් කාන්තා සම්මේලනය අමතමින් ඔහු කියාසිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව නව කතිකාවතක් මතුව ඇති බවත් එය ඉතා පැරණි සටන් පාඨයක් බවත්ය.
“සමහරු කියනවා රනිල් කපටියෙක් කියලා.එයා ජනාධිපති වුණේ පාර්ලිමේන්තුවේ තනි ආසනයකින්. ජනාධිපතිවරණය මගහැරලා යන්න මොනවා හරි කරයි. රනිල් කියන තරම් කපටියෙක් නෙවෙයි. ජනාධිපතිවරණය කල්දාන්න හැදුවොත් එයාට නිල කාලය අවසන් වෙන්නත් කළින් ගෙදර යන්න වෙයි.රනිල්ට ජනාධිපති පුළුවන් උණේ සජිත් ප්‍රේමදාස ගෝඨාභය රාජපක්ෂගේ ආරාධනාව ප්‍රතික්ෂේප කරපු නිසා. නැත්නම් රනිල් දැන් නිකම්ම නිකන් මන්ත්‍රී කෙනෙක්. ගෝඨාභය මුලින්ම ඉල්ලා සිටියේ සජිත්ගෙන් පසුව සරත් ෆොන්සේකාගෙන් ජනාධිපතිකම ගන්න කියලා ඉල්ලුවා. ෆොන්සේකාට තීරණයක් ගන්න දින තුනක් අවශ්‍ය වුණා. දින තුනකින් ප්‍රමාද කිරීමට ගෝඨාභයට හැකියාවක් තිබුණේ නෑ. තුන්වැනි විකල්පය විදිහට ඔහු රනිල්ගෙන් ඉල්ලා සිටියා. නැතිවෙන්න දෙයක් නැති නිසා එයා ඒක බාර ගත්තා” යැයි අනුර දිසානායක පැවැසීය.
රනිල් ජනාධිපතිකම ගත් වීරයෙක් නොවන නමුත්, මහබැංකු බැඳුම්කර මගඩියට රනිල්ව සිරගත කරන බවට පොරොන්දු වී පත් වූ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ජනාධිපතිවීම ගැන ඔහු ලැජ්ජා විය යුතු බවත් අනුර දිසානායක සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart