
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය පිරිහීම ඔහු රඳවා තබාගෙන සිටි කාලය තුළ මුහුණදුන් තත්ත්වයන්ගේ සෘජු ප්‍රතිඵලයක් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පැවසුවේ, රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමෙන් පසු ආහාර, ඖෂධ සහ විවේකය සඳහා නියමිත වේලාවන් ඇතුළුව ඔහුගේ දෛනික චර්යාව දැඩි ලෙස වෙනස්වී ඇති බවයි.
රනිල් වික්‍රමසිංහට ඉකුත් සිකුරාදා පෙරවරු 9.30 ට අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම්දුන් බවත් එහිදී ඔහු පැය කිහිපයක් සාක්ෂි ලබාදුන් බවත් ඔහු සඳහන් කළේය.
ඉන්පසු ඔහුව උසාවි පරිශ්‍රය තුළ තබාගෙන සිටි බවත්, විදුලිය නොමැතිව තවත් පැය පහක් හයක් පමණ කාලයක සිට එදින රාත්‍රී 10.30ට ආසන්න වනතුරු පැය 12 කට ආසන්න කාලයක් එම පීඩනය යටතේ රනිල් වික්‍රමසිංහ රඳවාගෙන සිටි බවට වජිර අබේවර්ධන චෝදනා කරයි.
ඔහු පවසන්නේ එම තත්වය රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍යයට අනවශ්‍ය ආතතියක් ඇති කළ අතර ඔහුගේ වර්තමාන අයහපත් සෞඛ්‍ය තත්ත්වයට හේතුවූයේ ද එය බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart