
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තම පාලනය යටතේ අපේක්ෂා කළ ඇතැම් සංවර්ධන කටයුතු සමඟින් ඉදිරියට යෑමට වත්මන් ආණ්ඩුව ගෙන ඇති තීරණය පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති අනුර කුමාර දිසානායකට ප්‍රසාදය පළ කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ, අනුර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය ඉන්දු-ලංකා සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කරන වර්ධනිය තත්වයක් බවයි.
“ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම සහ ත්‍රිකුණාමලය කලාපීය බලශක්ති හා කාර්මික කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට තීරණය කිරීම ගැන අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාත් මම ප්‍රශංසා කරනවා” යැයි රනිල් වික්‍රමසිංහ පවසයි.
එම ඒකාබද්ධ ප්‍රකාශය මගින් ඉන්දීය සහ ශ්‍රී ලංකා රජයන් නිවේදනය කළේ, දෙරට අතර ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම(ETCA) සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන බවයි.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය කිරීම සඳහා අඛණ්ඩව පවතින සහයෝගීතාවය අගයමින් අදාළ ඒකාබද්ධ ප්‍රකාශය සඳහන් කර ඇත්තේ, කලාපීය බලශක්ති හා කාර්මික කේන්ද්‍රස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය සංවර්ධනය කිරීමට සහය දැක්වීමට දෙරටේ නායකයන් දෙදෙනා එකඟ වූ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart