
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක බැංකුව විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකට සහභාගී වීම වෙනුවෙන් නිල සංචාරයක් සඳහා ඇමරිකාවට ගොස් සිටි ඇමැති බන්දුල ගුණවර්ධන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ඊයේ (20) රාත්‍රියේ යළි දිවයිනට පැමිණ තිබේ.
අද (21) සවස පැවැත්වීමට නියමිත කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේ තීරණාත්මක ඡන්ද විමසීමට සහභාගී වීම සඳහා තමා යළි දිවයිනට කැඳවූ බව ඇමැති ගුණවර්ධන පැහැදිලි කළේය.
මුලින් ඡන්ද විමසීම බදාදා (මාර්තු 20) පැවැත්වීමට නියමිතව තිබුණද, විශ්වාසභංග යෝජනාව අඛණ්ඩව දින තුනක් විවාදයට ගැනීමට පාර්ලිමේන්තු ව්‍යාපාර කමිටු රැස්වීමේදී ගත් තීරණයකට අනුව එය දිනකින් කල් දමන ලදී.
විවාදය අඟහරුවාදා (මාර්තු 19) ආරම්භ විය.
එහි ඡන්ද විමසීම අද පැවැත්වෙනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart