August 22, 2025

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රනිල් වික්‍රමසිංහ අද (22) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේය.

ඒ දැනට සිදුවෙමින් පවතින විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

මේ සම්බන්ධයෙන් අද දින පෙනී සිට ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට දැනුම් දී තිබිණි.

මෙම විමර්ශනය රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දැරූ කාලය තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා ලන්ඩනයට ගිය ගමනකට අදාළව බව කියැවේ.