January 22, 2026

ගාල්ල දිස්ත්‍රිකය නියෝජනය කල හිටපු අමාත්‍යවරයකුවූ රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ලෙස පත්කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අතින් ඔහු අද (22) පත්වීමේ ලිපිය ලබාගත්තේය.

ඒ නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදීය.

රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ කැදවුම්කරු ලෙසද පත්කර ඇත.

රමේෂ් පතිරණ පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට සහාය පළකළේය.

අද රමේෂ් පතිරණ සමග ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන හිටපු සභාපතිවරුන් හා පළාත් පාලන ආයතනවල සභිකයන් පිරිසක්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව තිබේ.