September 9, 2025

කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් හරහා රාජ්‍ය අරමුදල් අවභාවිත කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදාහරින ලදී.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම රුපියල් 50,000 ක මුදල් ඇපයක් සහ ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඇප ලබාදුන්නේය.

මහේස්ත්‍රාත්වරයා රාජිත සේනාරත්නට විදේශ ගමන් තහනමක් ද පැනවීය.