
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ දුර්වල වූ ආර්ථිකය ශක්තිමත් කිරීම සහ ජාතිවාදය අතුගා දැමීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක ප්‍රමුඛතාවය වනු ඇති බව සැප්තැම්බර් 21 ජනාධිපතිවරණයේ ප්‍රධාන තරගකරුවෙක් වන අනුර කුමාර දිසානායක අඟහරුවාදා ප්‍රකාශ කර තිබේ.
ජාතික ජන බලවේග සන්ධානයට නායකත්වය දෙන මාක්ස්වාදී සම්භවයක් ඇති පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේදී ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාව “පුනරුද ව්‍යාපෘතියක් සඳහා සූදානම්ව සිටී”, යනුවෙන් එහිදී සඳහන් කර ඇති 55 හැවිරිදි අනුර දිසානායක, “ජනතාව වෙනසක් සඳහා ඡන්දය දෙනු ඇත” යනුවෙන් වැඩිදුරටත් පවසා තිබේ.
දූෂණය පිටුදැකීමට ප්‍රතිඥා දීම හැරුණු විට, සජිත් ප්‍රේමදාසගේ ප්සමගි ජන සන්ධානය මෙන්, අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙල පිළිබඳව නැවත සාකච්ඡා කරන බවද අනුර දිසානායක එහිදී පවසා ඇත.
“ඇත්ත වශයෙන්ම, අපගේ සුබසාධන ව්‍යාපෘතිය මගින් රාජ්‍යයට අනෙක් පාර්ශ්වවලට වඩා බෙහෙවින් අඩු වියදමක් දැරීමට සිදුවනු ඇත,” යනුවෙන්ද ඔහු කියාසිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart