
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිය මංගල අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට නවසීලන්තයේ රචීන් රවින්ද්‍ර සමත්ව තිබේ.
දකුණු අප්‍රිකාවට එරෙහිව ඊයේ ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී ඔහු මෙම ද්විත්ව ශතකය වාර්තා කළේ එවැනි දස්කමක් කළ තුන්වැනි නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයා සහ මංගල තරගයේදී ද්විත්ව ශතකයක් වාර්තා කළ ලොව 08 වැනි ක්‍රීඩකයා වෙමිනි.
මීට පෙර මැතිව් සින්ක්ලෙයාර් ලකුණු 214ක් සහ ඩෙවොන් කොන්වේ සිය මංගල ටෙස්ට් තරගයේදී නවසීලන්තය නියෝජනය කරමින් ලකුණු 200ක් රැස්කර ගෙන තිබේ.
දකුණු අප්‍රිකාවට එරෙහි නවසීලන්ත පළමු ඉනිම ලකුණු 511ක් වූ අතර රචීන් රවින්ද්‍ර ලකුණු 240කට දැවි ගියේය.
කේන් විලියම්සන් ලකුණු 118ක් රැස්කරන ලදී.
අද,තරගයේ දෙවැනි දිනය වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart