April 22, 2023

රට තුළ වර්ධනය වෙමින් පවතින තත්ත්වය හේතුවෙන් තමාට දේශපාලනයට පැමිණීම පිළිබඳව සළකා බැලීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසයි. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ විදුලි අර්බුදයට වගකිව යුතු “මෝඩ දේශපාලකයන්ට” දැඩි ප්‍රහාරයක් එල්ල කරමිනි.

විදුලි බිල වැඩි කිරීමට සහායදීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, ඔහුව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට බලශක්ති ඇමැති කාංචන විජේසේකර බල කරමින් සිටින නමුත්, තමන් ඉන් ඉවත් නොවන බව සභාපතිවරයා සඳහන් කරයි. තමා ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ අවශ්‍ය 113 බහුතරයක් අවශ්‍ය නමුත්, එවැනි යෝජනාවකට එම බහුතරය නොලැබෙනු ඇතැයිද ඔහු විශ්වාසය පළ කරයි.

විදුලි බිල වැඩිවීම සහ ආර්ථිකය හැකිලීම හේතුවෙන් විදුලි ඉල්ලුම විශාල ලෙස පහත වැටී ඇති බව පෙන්වාදෙන සභාපතිවරයා මෙසේද සඳහන් කරයි.

“මේවා තමයි මේ මෝඩ දේශපාලකයන්ට තේරෙන්නේ නැති මුලික දේවල්. ඔවුන්ට ආර්ථික විද්‍යාව තේරෙන්නේ නැහැ. ගණකාධිකරණය තේරෙන්නෙත් නැහැ. ඔවුන් දන්නේ දේශපාලනය පමණයි, මම හිතන්නේ වත්මන් දේශපාලනඥයන් දේශපාලනය කරන්නවත් දන්නේ නැහැ”

ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධූරයට පත්වීමට සහාය ලබාදුන් ජනක රත්නායක ඒ පිළිබඳව අදහස් පළකරමින්, හිටපු ජනාධිපතිවරයාට “සාමාන්‍ය බුද්ධියක්” නොමැති බවත්, එම තීරණය ගැන දැන් කනගාටු වන බවත් සඳහන් කරයි.

(Daily Mirror)