
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස්ට එම ධූරයෙන් ඉවත්වෙන ලෙස ඉල්ලා සිටිමින් ස්පාඤ්ඤයේ විරෝධතාවක් ආරම්භ වී තිබේ.
පසුගියදා අවසන්වූ කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ත්‍යාග ප්‍රධාන උත්සවයේදී ඔහු ක්‍රීඩිකාවක් ප්‍රසිද්ධියේ සිපගැනීමට විරෝධය පළකරමින් මෙලෙස විරෝධතා පැවැත්වේ.
එම උත්සව අවස්ථාවේදී ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස් ක්‍රීඩිකාවන්ට සුබපැතුම් එක්කළ අවස්ථාවේ එක් ක්‍රීඩිකාවකගේ දෙතොල් සිපගත්තේය.
එම සිද්ධිය ලෝකයේම අවධානය හිමිකරගත් සිද්ධියක් වූ අතර ලුයිස් රුබියල්ස් සඳහන් කළේ සතුට වැඩිකමට ඔහු එය සිදුකළ බවය.
කෙසේවෙතත් පසුව එම සිද්ධියට මුහුණදුන් ක්‍රීඩිකාවද ඒ සිද්ධිය විවේචනය කළාය.
අනතුරුව ස්පාඤ්ඤ පාපන්දු සංගමයේ සභාපති ලුයිස් රුබියල්ස්ට එරෙහිව අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ අතර ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස්ට එම ධූරයෙන් ඉවත්වෙන ලෙස ඉල්ලා පාපන්දු සම්මේලනය ඉදිරිපිට දැඩි විරෝධතවක් ඊයේ පැවැත්විය.
කෙසේවෙතත් ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස් ධූරයෙන් ඉවත් නොවන බව සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart