
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිසියේ සහය ඇතිව බස් රථවල මාර්ග බලපත්‍ර පරීක්ෂා කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දීමත් සමඟ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමණික්කම් සහ බස් හිමියන් අතර උණුසුම් බහින්බස්වීමක් ඊයේ (17) සිදුව තිබේ.
බස් රථ මාර්ග බලපත්‍ර සම්බන්ධයෙන් විවෘත සාකච්ඡාවක් කිරීමට සහ බස් රථ ධාවනය කිරීමේදී සිදුවන දූෂණ හෙළිදරව් කිරීමට මන්ත්‍රීවරයාට ආරාධනා කර ඇතැයි මඩකලපුව බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කර ඇත.
මඩකලපුව සහ ඉන් පිටත ධාවනය වන බස් රථ සඳහා මාර්ග බලපත්‍ර පරීක්ෂා කිරීමට ප්‍රදේශයේ පොලිසියේ සහාය ඇතිව මුරපොලවල් ඇති කිරීමට මන්ත්‍රීවරයා මෙම සාකච්ඡාවේදී යෝජනා කර තිබේ.
එහිදී මන්ත්‍රීවරයා විසින් දූෂණය සහ ඊට සම්බන්ධ නිළධාරීන් ගැන අදහස් දැක්වීමට උත්සාහ කිරීමේදී කිහිපදෙනෙක් විසින් ඔහුට පහරදීමට උත්සාහ කළ බව එම සංගමය සඳහන් කර ඇත.
පසුගිය වසර අටක කාලය තුළ ප්‍රවාහන අධිකාරියේ සහ පොලිසියට අනුයුක්ත නිලධාරීන් ප්‍රදේශයේ බස් මාර්ග බලපත්‍ර පරීක්ෂා කර නැතැයි බස් හිමියන් චෝදනා කරති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart