
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපතිවරණයේ ආරක්ෂාව ඇතුළු අනෙකුත් රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 63,000ක් යොදවන බව පොලිසිය පවසයි.
ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන, ඡන්ද වීමසීමේ මධ්‍යස්ථාන ඇතුළු කටයුතුවල ආරක්ෂාව සඳහා එම පොලිස් නිලධාරීන් යොදවන බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.
මේ අතර ආර්ථික මරමස්ථානවල ආරක්ෂාව සඳහා යුද හමුදාව යොදවන බව පොලිසිය ප්‍රකාශ කරයි.
පොලිසියේ සහායට සිවිල් ආරක්ෂක භටයන් 10,000ක් යෙදවීමට නියමිත බව පැවැසේ.
ජංගම සංචාර සඳහා පොලිස් විශේෂකාර්ය බලකාය අනියුක්ත කිරීමට නියමිතය.
මේ අතර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේ ඡන්ද මධ්‍යස්ථානවල කිසියම් පුද්ගලයකු කලහකාරිව කටයුතු කළ හොත් උපරිම බලය යෙදවීමට පොලිසියට උපදෙස් දී ඇතැයි මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සනහන් කර ඇත
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart