
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට නීතියට පටහැනිව සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් දේවගැතිවරයකු බව කියාගන්නා ජෙරොම් ප්‍රනාන්දුට ලැබී ඇති ජනමාධ්‍ය ප්‍රචාරණය සලකා බැලීමේදී, ‘ආගමික හිංසනය’ සඳහන් කරමින් ඔහුට එක්සත් රාජධානියේ සරණාගතභාවය හිමිවිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.
ඔහුට පහසුවෙන් සරණාගතභාවය ලබා ගත හැකි අතර, ඔහුගේ පවුලේ අය සමඟ එක්සත් රාජධානියේ රැඳී සිටිය හැකි බව ද ඔහු සඳහන් කරයි.
ජනමාධ්‍ය ඔහුට දැඩි ප්‍රසිද්ධියක් ලබාදුන් අතර, ඔහු අවදානමට ලක්ව ඇති බව පැවසුවහොත් එක්සත් රාජධානිය විසින් ඔහුට සරණාගත රැකවරණය ලබා දිය හැකි බවත්, එසේ වුවද ශ්‍රී ලංකා රජයට එක්සත් රාජධානියේ මහ කොමසාරිස් කාර්යාලය හරහා වෙනත් ක්‍රියාමාර්ග ගත හැකි බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
ජෙරොම් ප්‍රනාන්දුට එරෙහි චෝදනා එලෙසම පවතින බවත්, මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය කිරීම නතර නොකරන බවත්, ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
ජෙරොම් ප්‍රනාන්දුගේ මෙරටට පැමිණීම තහවුරු වී නොමැති අතර, ඔහු නැවත නොපැමිණීමට ඉඩ ඇති බවත්, වාර්තා වේ.
මේ වන විට ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පුරුවේ සිට එක්සත් රාජධානියට ගොස් ඇතැයි ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම තහවුරු කරයි.
(The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart