
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීම සඳහා මුදල් බෙදාහැරීම සම්බන්ධයෙන් 26 හැවිරිදි පුද්ගලයෙකු මුතූර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කින්නියා ප්‍රදේශයේ ඔහුගේ නිවස අවට පදිංචිකරුවන්ට රුපියල් 5000 බැගින් බෙදාදෙමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ලැබුණු තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, සැකකරුට ඡන්දදායකයන්ට බලපෑම් කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.
එම පුද්ගලයා අනාගතයේ දේශපාලනයට පැමිණීමේ අපේක්ෂාවේ කොටසක් ලෙස අදාළ ජනාධිපති අපේක්ෂකයාගේ දේශපාලන ව්‍යාපාරයට සහාය දැක්වීමේ අරමුණින් මෙම ක්‍රියාව සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණයවී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart