
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත උල්ලංඝණය කරමින්, ආකර්ෂණීය වට්ටම් භාවිත කරමින් ෆේස්බුක් හරහා මත්පැන් අලෙවිය ප්‍රවර්ධනය කළ ප්‍රමුඛ පෙළේ මත්පැන් අලෙවිසැල් හිමිකරුවකු සහ හෝටල් හිමියකු සුරාබදු දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.
තීරුබදු නොගෙවා එම පුද්ගලයා සන්තකයේ තබාගෙන සිටි විදේශීය මත්පැන් විශාල තොගයක් ද සුරාබදු නිලධාරීන් විසින් හෝටලය වටළා රැගෙන ගොස් ඇතැයි වාර්තා වේ.
සමාජ මාධ්‍ය ඔස්සේ මත්පැන් අලෙවිය ප්‍රවර්ධනය කරන බවට ලද තොරතුකට අනුව බොරැල්ල ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය එම වයින් ගබඩාව වටළා රුපියල් ලක්ෂ 30කට අධික වටිනාකමකින් යුත් මිල අධික විස්කි, බ්‍රැන්ඩි සහ වොඩ්කා ඇතුළු විදේශීය මත්පැන් බෝතල් 128ක් සිය භාරයට ගැනීමට එහිදී සුරාබදු දෙපාර්තමේන්තුව සමත්ව තිබේ.
එම කිසිදු මත්පැන් බෝතලයක තීරුබදු ගෙවීම සඳහා සුරාබදු ආරක්ෂක ස්ටිකරය අලවා නොතිබී ඇති අතර, එහි හිමිකරු එම මත්පැන් තොග ලබාගෙන ඇත්තේ මෙරට බලපත්‍රලාභී විදේශීය මත්පැන් අලෙවි නියෝජිතයන්ගෙන් නොව, නීතිවිරෝධී ක්‍රමවලින් බවට සැකකෙරෙන බව සුරාබදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග උපුටා දක්වමින් ජනමාධ්‍ය වාර්තා කරයි.
මේ සම්බන්ධයෙන් Daily Mirror ජ්‍යෙෂ්ඨ සුරාබදු නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී පවසා ඇත්තේ, කිසියම් මාධ්‍යයක් හෝ සමාජ මාධ්‍යයක් හරහා මත්පැන් හෝ එහි අලෙවිය ප්‍රවර්ධනය කිරීම දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.
මේ අතර සුරාබදු ආඥාපනත උල්ලංඝණය කරමින් මත්පැන් අලෙවි කළ එම ජාලයේම තවත් සුරාසැලක් බත්තරමුල්ලේදී සුරාබදු නිලධාරීන් විසින් වටළා තිබේ.
අත්අඩංගුවට ගත් එම මත්පැන් බෝතල් තොගය එළැඹෙන අලුත් අවුරුදු සමයේ, විශේෂයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අලෙවිය තහනම් කරමින් ප්‍රකාශයට පත්කර ඇති දින දෙකේදී අලෙවිය සඳහා සූදානම් කර තිබූ බවට සැකකෙරේ.
සුරාබදු නිලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart