
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ කීර්තිමත් වෛද්‍ය විශේෂඥයෙකු වන මහාචාර්ය අර්ජුන ද සිල්වා දියවැඩියා ඖෂධ සම්බන්ධයෙන් කරන ලදැයි කියන ව්‍යාජ ප්‍රකාශ ඇතුළත් විවිධ ලිපි සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇත.
එම ලිපි මගින් දියවැඩියා රෝගයට සම්බන්ධ ඖෂධීය නිෂ්පාදන සමාජ මාධ්‍ය ඔස්සේ අලෙවි කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා මහාචාර්යවරයා විසින් ලබානුදුන් ප්‍රකාශ යොදාගෙන ඇති බව වාර්තා වේ.
දියවැඩියා රෝගය සඳහා විවිධ ඖෂධ පැළෑටි ප්‍රවර්ධනය කරමින් මහාචාර්ය අර්ජුන ද සිල්වා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් සුවතා සම්බන්ධ වෙබ් අඩවියක් වාර්තා කර ඇත.
සම්පුර්ණයෙන්ම ගොතන ලද සම්මුඛ සාකච්ඡාව සහ ලිපිවල අන්තර්ගතය ප්‍රතික්ෂේප කරමින් මහාචාර්ය අර්ජුන ද සිල්වා පවසන්නේ, මේ සම්බන්ධයෙන් පොලිස් සයිබර් අපරාධ ඒකකයට දැනුම් දී ඇති බවයි.
තම නම භාවිත කරමින් වෛද්‍ය නිෂ්පාදන අලෙවි කරන ඕනෑම පුද්ගලයකුට හෝ සංවිධානයකට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් අනතුරු අඟවයි.
මෙවැනි අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසත්, මෙම අසත්‍ය ප්‍රචාරවලට නොවැටී සිටින ලෙසත් මහාචාර්ය අර්ජුන ද සිල්වා ජනතාවගෙන් ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart