
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඖෂධ සහ එන්නත් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු මෙන්ම රෝහල්වල සිදුවූ මරණ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල විශේෂඥ කමිටුවක් පත්කර ඇත.
එහි ප්‍රධානත්වය දරනු ලබන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සෛල සහ අනුක ජීව විද්‍යා අංශයේ මහාචාර්ය චන්දිම ජීවන්දරයි.
සාමාජිකයන් පස්දෙනෙකුගේ මෙම කමිටුව විසින් සිදුවූ ආසාත්මිකතා සහ මරණ සම්බන්ධයෙන් විමර්ශනය කරනු ඇත.
මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් පත් කළ කමිටුව සෙනසුරාදා පේරාදෙණිය රෝහලට ගොස් පරීක්ෂණ සිදු කළේය.
දිගින් දිගටම ඖෂධ සහ එන්නත් සම්බන්ධයෙන් මතුවු ගැටලු හමුවේ විවිධ පාර්ශවයන් සෞඛ්‍ය ඇමතිවරයාට දැඩි චෝදනා එල්ල කරමින් සිටී.
සති දෙකක කාලයක් තුළ මේ සම්බන්ධයෙන් ස්ථිර හේතුවක් පැවසිය හැකි බව ඇමැතිවරයා මීට පෙර සඳහන් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart