August 13, 2025

ශ්‍රී ලංකා පොලිසියේ වසර 36ක වෘත්තීය ජීවිතයක් ගතකළ පළපුරුදු නිලධාරියකු වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය 2024 සැප්තැම්බර් මාසයේදී වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කරන විට ඔහු වාර්තා අතරට එකවූයේ වසර 158 ක ඉතිහාසයේ පොලිස් කොස්තාපල් නිලයේ සිට පොලීසියේ ඉහළම තනතුරට පත්වූ පළමු නිලධාරියා ලෙසයි.

1969 වසරේ දොඩංගොඩ ප්‍රදේශයේ උපත ලැබූ ප්‍රියන්ත වීරසූරිය 1988 වසරේදී එනම් ඔහුට වයස අවුරුදු 19 දී පොලිස් කොස්තාපල්වරයකු ලෙස පොලිස් රාජකාරියට එක්විය.

අනතුරුව 1980 දශකයේ අගභාගයේදී ඔහු පොලිස් විශේෂ කාර්ය බළකායේ, රථවාහන හා අපරාධ කොට්ඨාසවලට අනුයුක්තව සේවය කළේය.

1992 දී ඔහු උපපොලිස් පරීක්ෂකවරයෙකු ලෙස උසස්වීම් ලද අතර මරදාන, වවුනියාව සහ කොම්පඤ්ඤවීදිය යන පොලිස් ස්ථානවල සේවය කර තිබේ.

ඒ අතරතුර, ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති උපාධියක් සම්පූර්ණ කර නීතීඥවරයකු ලෙස සුදුසුකම් ලබා 1999 දී සෘජු ප්‍රවේශ විභාගයෙන් සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස උසස්වීම් ලබා තිබේ.

අනතුරුව ඔහු ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධියක් ද පසුව නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද සම්පූර්ණ කළේය.

උසස්වීම් සහ රාජකාරී පැවරීම්

•⁠ ⁠1988: කොස්තාපල්වරයකු ලෙස පොලිස් සේවයට එක් විය STF සහ රථවාහන/අපරාධ අංශවල සේවය කර ඇත.

•⁠ ⁠1992: උපපොලිස් පරීක්ෂක තනතුරට උසස් කිරීම; කොළඹ සහ ගැටුමෙන් පීඩාවට පත් වවුනියාවේ සේවය කිරීම්.

•⁠ 1999: නීතීඥයකු ලෙස සුදුසුකම් ලැබීමෙන් පසු සහකාර අධිකාරී ලෙස උසස් කරන ලදී.

•⁠ ⁠2007: පොලිස් අධිකාරී තනතුරට උසස් කිරීම; පොලිස් නීති හා සැපයුම් අංශයේ අධ්‍යක්ෂ ලෙස පත්කරන ලදී.

•⁠ ⁠2007–2010: නැගෙනහිර ටිමෝරයේ සහ හයිටියේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම්වල සේවය කර ඇත.

•⁠ 2016: නියෝජ්‍ය පොලිස්පති ලෙස උසස් කිරීම; 2020 දක්වා පොලිස් සැපයුම් අංශය මෙහෙයවීය.

•⁠ ⁠2020: ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස උසස් කිරීම; උපායමාර්ගික කළමනාකරණ, අපරාධ සහ රථවාහන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කර තිබේ.

•⁠ ⁠2024: උතුරුමැද පළාත සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති; දේශබන්දු තෙන්නකෝන්ගේ වැඩ තහනම් කිරීමෙන් පසු 2024 සැප්තැම්බර් 26 වැනි දින වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කරන ලදී.

ප්‍රියන්ත වීරසූරිය හිටපු පොලිස්පතිවරුන් 10 දෙනෙකුගෙන් සේවා කාර්යසාධනය වෙනුවෙන් ඇගයීම් ලබා ඇත.

මෙහෙයුම් :

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය සංවිධානාත්මක අපරාධවලට එරෙහි මෙහෙයුම් ක්‍රියාත්මක කළ අතර, 2025 පෙබරවාරි මාසයේදී පොලිසිය අපරාධ කල්ලි 58ක් හඳුනාගෙන එම වසරේ වාර්තා වූ වෙඩි තැබීමේ සිද්ධීන් 17ම විසඳා ඇති බව වාර්තා කර තිබේ.

ඔහු විදේශයන් සමග මෙරට නීතිය බලාත්මක කිරීම සමඟ සහයෝගීතාව ශක්තිමත් කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් 19 දෙනෙකු පිටුවහල් කිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ඒකාබද්ධ මෙහෙයුම් අධීක්ෂණය කළේය.

පොලිස් භාරකාරත්වයේදී වධහිංසා පැමිණවීමේ චෝදනාවලට ප්‍රතිචාර වශයෙන්, අධිචෝදනා ඉදිරිපත් කිරීමට නියමිතව සිටින නිලධාරීන් හතරදෙනෙකුගේ වැඩ තහනම් කර ඇත.

ප්‍රතිසංස්කරණ :

විෂමාචාර වාර්තා මත පදනම්ව නිලධාරීන් මාරුකිරීම, සේවය අත්හිටුවීමෙන් පසු නැවත සේවයේ පිහිටුවීම සඳහා මත්ද්‍රව්‍ය පරීක්‍ෂණ සඳහා යොමුකිරීම අනිවාර්ය කිරීම සහ රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන් පිළිබඳ වාර්තා කිරීමට සිවිල් වැසියන්ට ඇති අයිතිය ප්‍රසිද්ධියේ තහවුරු කිරීම ඇතුළු අභ්‍යන්තර ප්‍රතිසංස්කරණ කිහිපයක් ප්‍රිහන්ත වීරසූරිය විසින් ආරම්භ කර තිබේ.

ඔහු නිලධාරින්ගේ සෞඛ්‍යය සහ වැටුප් ගැලපීම් සඳහා ද පෙනීසිටියේය.

එමෙන්ම ප්‍රියන්ත වීරසූරිය ජාතික පොලිස් කොමිසම සමඟ ස්ථාන මාරු බලතල සම්බන්ධයෙන් ද මැදිහත්විම් සිදුකළ අතර, සම්මුතියකට පැමිණීමට පෙර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමුකර ඇත.

පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය නැවත ඇති කිරීම සඳහා අභ්‍යන්තර වගවීමේ ක්‍රියාමාර්ග සහ දේශපාලනීකරණයෙන් ඉවත්කිරීම අවශ්‍ය බව ඔහු පවසා තිබේ.