
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ජනාධිපතිවරයා විසින් පත්කර තිබේ
ඔහු මෙතෙත් කලක් කටයුතු කරනු ලැබුවේ උතුරුමැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ විශේෂත්වය වන්නේ ඔහු පොලිස් කොස්තාපල් තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දක්වා විවිධ තනතුරුවල සේවය කර තිබීමයි.
ඔහු පොලිස් දෙපාර්තමේන්තුවේ වසර 36කට වැඩි සේවා කාලයක් ඇති නිලධාරියෙකි.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයෙන් පසු හිටපු ජනාධිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයකු පත්කිරීමට පියවර ගෙන නොතිබිණි.
ඒ අනුව නව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම පත්කිරීම සිදු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart