
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මගී ජනතාවගේ පවතින අඩුව හේතුවෙන් අද දිනයේද ධාවනය වන්නේ පෞද්ගලික බස් රථවලින් සියයට 30ත් 35ත් අතර ප්‍රමාණයක් පමණක් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.
ඔහු පැවැසුවේ, අද ධාවනය වන්නේ පෞද්ගලික බස් රථ 5000ක් පමණ බවයි.
මේ අතර, සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු කොළඹට පැමිණෙන ජනතාවගේ පහසුව සඳහා අද සිට අමතර බස් රථ යෙදවීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
මේ වනවිට ලංගම බස් රථ සාමාන්‍ය කාලසටහනට අනුව ධාවනය කෙරේ.
ප්‍රාදේශීය කළමනාකරුවන්ට අවශ්‍ය ප්‍රදේශවලට අමතර බස් රථ යෙදවීමට උපදෙස් ලබාදී ඇත.
අද වැඩකරන දිනයක් බැවින් දෛනික කාර්යාල දුම්රිය ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ගම්බිම් බලා ගිය ජනතාවට නැවත නගරයට පැමිණීම සඳහා ඉදිරි දිනවලදී විශේෂ දුම්රියක් ද ක්‍රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart