
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙවර නත්තල් දිනය නිමිත්තෙන් මෙරට බන්ධනාගාර රැඳවියන් 1004කට ජනපති පොදු සමාව හිමිව තිබේ.
පිරිමි රැඳවියන් 989ක් සහ කාන්තා රැඳවියන් 15ක් ඒ අනුව නිදහස් කෙරෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බි. දිසානායක සඳහන් කරයි.
මෙි අතරට, පල්ලේකැලේ එලිමහන් සිරකදවුරෙන් 162 ක් ද, අනුරාධපුර බන්ධනාගාරයේ 78 ක්ද, වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 42ක්ද නිදහස් විමට සුදුසුකම් ලබා ඇත.
බන්ධනාගාරගතව හෙට දිනට සිරදඩුවම් විදිමින් සිටින රැදවියන් හට ගතකරන ලද වසරකට හෝ ඉන් කොටසකට මාසයක සමාවක් ලැබීම;
දඩ මුදල් නොගෙවීම මත හෙට දින වන විට සිර දඩුවම් විදිමින් සිටින රැදවියන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ඉතිරි කාලය අහෝසි කිරීම;
නියමකර ඇති සිර දඬුවමින් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් හෙට දිනය වන විට ගෙවා ඇති, වයස අවුරුදු 65 ක් ඉක්මවා ඇති රැදවියන්ට මෙම සමාව හිමිවේ.
එමෙන්ම, වසර 40 ක් හෝ ඊට වැඩි සිරදඬුවම් නියම කර ඇති හෙට දිනට එම දඬුවමින් වසර 20 ක කාලයක් ගෙවා අවසන් කර ඇති අයගේ දඩුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරීමෙන් ද සමාව හිමිවන බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart