
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එළැඹෙන ජනාධිපතිවරණයේ මුද්‍රණ පිරිවැය අවම කර ගැනීමට සහාය වන ලෙස රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇති අතර, එම මුදල උපරිම වශයෙන් රුපියල් මිලියන 800 දක්වා ළඟා වනු ඇතැයි ගණන් බලා තිබේ.
ජනාධිපතිවරණයේ මුද්‍රණ පිරිවැය රුපියල් කෝටි 600 සිට රුපියල් මිලියන 800 දක්වා පරාසයක පවතින බව දෙපාර්තමේන්තුව මැතිවරණ කොමිසමට දැනුම් දුන් බව පසුගියදා වාර්තා විය.
මේ සම්බන්ධයෙන් ඩේලි මෝනිං වෙත අදහස් දක්වමින් රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ ප්‍රකාශ කර ඇත්තේ, ඉදිරි ජනාධිපතිවරණය සඳහා භාවිත කරන ඡන්ද පත්‍රිකාව 2019 භාවිත කළ ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණයට සමාන නම් මුද්‍රණය කිරීමේ උපරිම මුදල රු. මිලියන 800 ක් වනු ඇති බවයි.
ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය අඩකින් අඩු කළහොත් මුළු මුද්‍රණ වියදම රු. මිලියන 600 ක් වනු ඇත.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පවසන්නේ, ඡන්ද පත්‍රිකාව වෙනස් කළහොත් හෝ එහි ප්‍රමාණය අඩු කළහොත් අපේක්ෂිත පිරිවැය වෙනස් වන බවයි.
“මෙය දළ ඇස්තමේන්තුවක් පමණයි. අපට වඩාත් නිවැරදි ඇස්තමේන්තුවක් කළ හැක්කේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර මුද්‍රණයට අදාළ අවශ්‍යතා මැතිවරණ කොමිසම මගින් නිසි ලෙස දන්වන විට පමණයි. නමුත් උපරිම වියදම රුපියල් මිලියන 800ක් බව මම දන්වා තිබෙනවා. හැකිතාක් වියදම් අඩු කර ගැනීමට කොමිසම අපට සහාය වනු ඇත.” ඇය පවසයි.
ජනාධිපතිවරණයට සූදානම් වන ලෙස දන්වමින් මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකට ලිපියක් යවා තිබිණි. ඉන් අනතුරුව දෙපාර්තමේන්තුව මැතිවරණයට අදාළ මුද්‍රණ වියදම් ඇස්තමේන්තු කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළේය.
පසුගිය 2019 ජනාධිපතිවරණයට සාපේක්ෂව මුද්‍රණ වියදම්වල සැළකිව යුතු වැඩිවීමක් පෙන්නුම් කරන මෑත කාලීන වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් ගංගානි ලියනගේ මීට පෙර අවස්ථාවක පැහැදිලි කළේ, මෙම වසරේ (2024) මුද්‍රණ පිරිවැය 2019 වර්ෂයට වඩා හතර ගුණයකින් වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart